රුං රුං රුං රුං මී මැස්සෝ
පෙම් මල් රොන් බොන මී මැස්සෝ
පියුම් විලයි පිපී වැනෙන මල් යහනාවයි
මී මැස්සන් පැද්දෙන පෙම් ඔංචිල්ලාවයි
රුවට රුවක් දුටු තැන රුව අතහැර යාදෝ
හඬට හඬක් දී රුං රුං හඬ නැගුවාදෝ
තොලට තොලක් ගෑවී පෙම් මී බීවාදෝ
මලට මලක් දුටු තැන මල අමතක වේදෝ
කපුරු මලේ සුවඳට බඹරෙකු රැවටේදෝ
ලියතඹරා මළ පුඩුවට ඌ හසුවේදෝ
වනන්තරේ වන සපුමල් නොපිපී යාදෝ
මී මැස්සෝ පෙම් මී වදයක් නොබඳී දෝ
පද රචනය -- ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය -- වික්ටර් රත්නායක සමඟ නන්දා මාලිනී
http://www.sarasaviya.lk/2011/12/22/_art.asp?fn=sa11122214&pn=15
http://www.facebook.com/note.php?note_id=10150584714385646
Link to this comment:
All Comments (0)