කටුනායක වෙළඳ කලාපයේ විරෝධතාකරුවන් හා පොලීසිය අතර සිදුවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සේවකයින් 230 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග පවසන ආකාරයට ඉන් එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතල වේ.
කටුනායක උද්ඝෝෂණයේදී තුවාල ලැබූ තවත් පිරිසක් සීදුව විජේකුමාරණතුංග රෝහලෙන් රාගම ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.
කටුනායක තුවාලකරුවන් සීදුවෙන් රාගමට තුවාලකරුවන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පිරිසක් එලෙස රාගම රෝහලට මාරුකර යැවූ බව විජේ කුමාරණතුංග රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
මේ අතර ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුද මේ වනවිට මීගමුව රෝහල් ප්‍රතිකාර ලබන බව රෝහල් පොලීසිය සඳහන් කළේය.
ගැටුමෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුලසහකාර පොලිස් අධිකාරීවරයෙකු, පොලිස් ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි
Link to this comment:
All Comments (0)