එක ගිනි කූරයි මුලු ගෙදරම තිබුනේ....
එකෙන් කුප්පි ලාම්පුව දල්වා
ඔබට ලියන්නට ඉඳ ගත්තා..
ඔබට ලියන්නට ඉඳ ගත්තා...
ආදරයට කොහිදෝ බාධා නැත්තේ
ඔබ ලඟදිම එනවාදෝ මේ පැත්තේ
කලකින් නැහැ ඔබෙ සිනහව දැක ගත්තේ
පොඩි අක්කාගෙත් හිත දැන් වෙනස් වෙලා
ඉස්සර වාගේ කරදරයක් දැන් නෑ
සුලඟ හරි තදයි වහින්න වාගෙයි
සුලඟ හරි තදයි වහින්න වාගෙයි
ඔබ ඇති තැන මට කිසිවක් නෑසෙයි...
ජනෙල් කව්ළුවෙන් සුලඟ ඇවිල්ලා
වියරු වැටී වාගේ ලොව හොල්ලා
කුප්පි ලාම්පුව නිවුනා..
කුප්පි ලාම්පුව නිවුනා..
..ආදරයට කොහිදෝ බාධා නැත්තේ....
Link to this comment:
All Comments (0)