Melody by Suran Kuruppu
Lyrics by Geshan Kalupahana
Performed by,
Nilanka Anjalee Munasinghe
Suran Kuruppu
Pramod Kahawevitharana
Varuni Mallikarachchi
රන්වන් පාටයි සමනළයා
සීනි මලේ පැණි බීලා ගියා
පිට පිට එනවා ඇබ්බැහි වීලා
හැම විට පැණි බොන්ටා
සීනි මලේ නැද්ද කටු
වන බඹරෝ කියන් තතු
දිව පිනවා බඩ පුරමි
මම ළමයෝ පැණි උරමි
සීනි පැටවිලා ඇඟ ඇතුළේ - සමනළයට බඹරට හෙනහුරු අපලෙ ද
නෑ දැන් රන්වන් සමනළයා - ගුම් නද කෝ නුඹේ වන බඹරා
හිස කැරකෙනවා පපුව රිදෙනවා - ඇඟ හිරි වැටිලා හිටි තැන වැටිලා
ඇවිදින් ලහි ලහියේ වේද ඇදුරා - කීවා දෙදෙනට මේ විලසින්
බිහිසි රකුසෙක් අරක් ගෙන ඇත ඔබේ ඇඟ තුළ මිතුරනේ
ස්නායු දිරවන දෑස මළවන පුළුස්සන වකුගඩුව හදවත
සිතේ සැනසුම නැති කරන්නට ආයු කාලය අඩු කරන්නට
ඔබේ ඇරයුම තොසින් පිළිගෙන පැමිණියේ දියවැඩි යකු
දියවැඩි රකුසා පන්නන්නට නම්
ඇඟපත බර අඩු කළ යුතු ම යි
සමබර වේල යි කඩිසර දිවිය යි
බලය තියෙන්නේ ඔබ ළඟ ම යි
සීනි මලේ නපුරු කටු
පැණි නො උරා ඔහොම හිටු
ආයෙත් යන්න එපා යහළුවනේ
ලෙඩ දෙන පැණි බොන්ටා
දියවැඩි රකුසා පන්නන්නට නම්
බලය තියෙන්නේ ඔබ ළඟ ම යි!
බලය තියෙන්නේ ඔබ ළඟ ම යි!
බලය තියෙන්නේ ඔබ ළඟ ම යි!
good work guys!
2007SMACK 1 year ago
Superb!!
asirifernando16 1 year ago