ඔබයි රම්‍ය සඳ කිරණ - ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය - ගිම්හාන කාලේ
සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ
--ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය.
දැන් මගේ පරමාර්ථය ඔබය,
මගේ පරමාදර්ශය ඔබය,
මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය.--
උදා වූ සුපෙම් දම් නුසුන් වී රැඳේවා
මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා
--ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කෙළෙහිය.
දැන් මගේ අතීතය ඔබය,
මගේ වර්තමානය ඔබය,
මගේ උත්තරීතර අනාගතයද ඔබය.--
Link to this comment:
All Comments (0)